කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය

Ministry of Women & Child Affairs and Social Security

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்ச

  • ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපිත කිරීම

    Posted in Ministry News on Jun 20, 2018

    අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපිත කිරීම. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ දැනුවත් කිරීමේ වැඩසටහන - 2018.06.11

    අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපිත කිරිමේ වැඩසටහනට අදාළ ව අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් තීරණය පරිදි සියලු අමාත්‍යාංශයන් ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ ව අප අමාත්‍යාංශය විසින් 2017.01.27 වන දින 01/2017 දරණ චක්‍රලේඛය නිකුත් කරන ලදි.

    ඒ අනුව, මෙම වැඩසටහන සඳහා සියළු අමාත්‍යාංශයන් හි තීරණ ගත හැකි මට්ටමේ සිටින නිලධාරියෙකු / නිලධාරිනියක කේන්ද්‍ර නිලධාරී ලෙස පත් කර ගන්නා ලදි. මෙම විෂය පිළිබඳ කේන්ද්‍ර නිලධාරීන් පමණක්

  • ගීතය තුලින් ඇය දකිමු සෞන්දර්යාත්මක රස වින්දනමය වැඩසටහන

    Posted in Ministry News on Jun 06, 2018

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන “ගීතය තුලින් ඇය දකිමු” සෞන්දර්යාත්මක රසවින්දනමය දැනුවත් කිරීමේ වැඩසටහන 2018.05.23 දින පනාගොඩ සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය අවම කර ගැනීම සහ කාන්තා හා ළමා අපචාර අපචාර සිදු වීම වලක්වා ගැනීම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම , වර්ථමානයේ ළමුන් හා කාන්තාවන් මුහුණ දෙන විවිධ සමාජ ගැටලු අවම කර ගනිමින් ඔවුන්ට හිතකර සංවේදී සමාජයක් ගොඩනැංවීම මෙම වැඩසටහනේ අරමුණ විය. වැඩසටහන සංවිධානය කරන ලද්දේ යුධ හමුදා මූලස්ථානයයි. වැඩසටහන සඳහා යුධ මහුදා නිලධාරීන් 260 ක් පමණ සහභාගී වූහ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමිය

  • කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් තනතුරේ වැඩ භාර ගනී

    Posted in Ministry News on Apr 26, 2018

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අභිනව ලේකම්තුමිය ලෙස අශෝකා අලවත්ත මැතිණිය ධූරයේ වැඩ භාර ගැනීම 2018.04.20 වන දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. ආගමික චාරිත්‍රානුකූලව සිදු කරන ලද මෙම සුභ අවස්ථාව සඳහා ප්‍රභූන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

    ලේකම් ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්තුමිය පැවසුවේ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින 52% ක් වන කාන්තාවන්ට එම පවුල්වල දරුවන්ට හිංසනයෙන් තොරව ජීවත්වීම සඳහා ඔවුනගේ අනන්‍යතාවය සහ ප්‍රෞඩත්වය මෙන්ම අභිමානය ඔප් නැංවන අයුරින් සමාජය සංවේදී කිරීම හා සමාජය තුළ ප්‍රබෝධයක් ඇති කිරීම

  • Assumed duties as the new secretary

    Posted in Ministry News on Apr 19, 2018

    Mrs. Ashoka Alawatta assumed duties at the Ministry of Women and Child Affairs today(2018/04/20) as the new secretary

  • මාතර නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය

    Posted in Ministry News on Apr 18, 2018

    මාතර දිස්ත්‍රික්කය - මාතර කොට්ඨාශ නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පිහිටුවීම.

    ළමා අපයෝජන හා කාන්තා හිංසනය අවම කිරීම උදෙසා ක්‍රියාත්මක කරන ලද විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක එක් ක්‍රියාකාරකමක් වන්නේ දිවයිනේ පොලිස් ස්ථානයන්හි කාන්තාවන්ට හා දරුවන්ට හිතකර හා සංවේදී වන ලෙස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථාපනය කිරීමය. ඒ අනුව මේ වන විට දිවයිනේ පළාත් 09 ක් අවරණය වන පරිදි නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ 34 ක් ඉදිකර ඇත. මේ අනුව මාතර දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද මාතර කොට්ඨාශ නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය 2018.04.06 වන දින කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු චන්ද්‍රානි බණ්ඩාර මැතිනියගේ ප්‍රධානත්වය

  • Commission for the Status of Women Sixty- Second Session (CSW62) from 12-23 March 2018 at the UNHQ, New York

    Posted in Ministry News on Mar 22, 2018

    Commission for the Status of Women Sixty- Second Session (CSW62) from 12-23 March 2018 at the UNHQ, New York

    The Honorable Minister Mrs. Chandrani Bandara was in New York from 12- 16 March 2018 for attending the Sixty Second Session of the Commission for the Status of Women being held from March 12-23 at the United Nations Head Quarters. Sri Lanka’s delegations to the CSW this year was headed by Women’s Affairs Minister Mrs. Chandrani Bandara and included Women and Child Affairs Ministry Additional Secretary Mrs. Ashoka Alawatte and a senior officer from the Permanent Mission of Sri Lanka to t...

  • කාන්තා දින පා ගමන 2018

    Posted in Ministry News on Mar 21, 2018

    ජ්‍යාතන්තර කාන්තා දින සැමරුම් සතිය

    එක්සිත්ව සවිමක්ව නැගී සිටීමේ පා ගමන

    “දියුණුවේ මං පෙත් - හෙලි කරයි - ඇය සවිමත්”

    කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීම හා ඔවුන් ශක්තිමත් කරවීම උදෙසා මහජනතාවගේ අවධානය යොමු කරනු වස් උපදේශනාත්මක පා ගමනක් 2018 ජ්‍යාතන්තර කාන්තා දිනයට සමඟාමීව 2018 මාර්තු 02 දින කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී පවත්වන ලදී. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මැතිණියගේ ප්‍රධානත්වයෙන් මෙදින උදෑසන 7.30 ට පා ගමන ආරම්භ විය. අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මිය, අතිරේක ලේකම්(සංවර්ධන) , අතිරේක ලේකම් (පාලන) ඇතුලු සියලුම නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. ව

  • කාන්තා දිනය-2018

    Posted in Ministry News on Mar 15, 2018

    ජ්‍යාතන්තර කාන්තා දිනය - 2018

    දියුණුවේ මං පෙත් - හෙලි කරයි - ඇය සවිමත්

    “දියුණුවේ මං පෙත් - හෙලි කරයි - ඇය සවිමත් ” යන තේමාව යටතේ 2018 ජ්‍යාතන්තර කාන්තා දින ජාතික උත්සවය මාර්තු මස 08 දින පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය සමරු රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ,කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිණියගේ සහභාගීත්වයෙන් මෙවර ජාතික උත්සවය පැවැත්විණ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැඩ බැලූ ලේකම් අශෝකා අලවත්ත මහත්මිය, ශ්‍රි ලංකා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂ ඇත

  • සතුටු සිනා පිරි සුරක්ෂිත ගමනක්

    Posted in Ministry News on Feb 06, 2018

    සතුටු සිනා පිරි සුරක්ෂිත ගමනක් - දැනුවත් කිරීමේ වැඩමුළුව පොදු ප්‍රවාහන සේවය තුල සිදුවන ලිංගික හිංසනය වැලැක්වීම

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තවත් අමාත්‍යාංශ 9 ක් හා එක්ව සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන් සඳහා වන ප්‍රතිපත්තිමය රාමුව සහ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2016 - 2020 වැඩසටහනට අනුකූලව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ජාතික කාන්තා කමිටුව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ක්‍රියාකාරී පළාත් බස්නාහිර පළාත් කණ්ඩායම (V-Force) ඒකාබද්ධව සංවිධානය කරන ලද පොදු ප්‍රවාහන සේවය තුල සිදුවන ලිංගික හිංසන වැලැක්වීමේ දැනුවත් කිරීමේ වැඩමුළුව

  • කාන්තා දින තේමාව 2018

    Posted in Ministry News on Feb 04, 2018

    කාන්තා දින තේමාව 2018