කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන “ගීතය තුලින් ඇය දකිමු” සෞන්දර්යාත්මක රසවින්දනමය දැනුවත් කිරීමේ වැඩසටහන 2018.05.23 දින පනාගොඩ සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය අවම කර ගැනීම සහ කාන්තා හා ළමා අපචාර අපචාර සිදු වීම වලක්වා ගැනීම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම , වර්ථමානයේ ළමුන් හා කාන්තාවන් මුහුණ දෙන විවිධ සමාජ ගැටලු අවම කර ගනිමින් ඔවුන්ට හිතකර සංවේදී සමාජයක් ගොඩනැංවීම මෙම වැඩසටහනේ අරමුණ විය. වැඩසටහන සංවිධානය කරන ලද්දේ යුධ හමුදා මූලස්ථානයයි. වැඩසටහන සඳහා යුධ මහුදා නිලධාරීන් 260 ක් පමණ සහභාගී වූහ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ උපදෙස් පරිදි ,ජාතික කාන්තා කමිටුවේ විධායක අධ්‍යක්ෂ අනුලා ඉන්ද්‍රාණි මහත්මිය වැඩසටහන සඳහා සහභාගී වූ අතර,වැඩසටහනේ අරමුණ පැහැදිලි කිරීම සිදු කරන ලදී. අමාත්‍යාංශයේ උපදේශන නිලධාරී ආර්.එම්.ඒ නිමල්සිරි මහතා සහ සංවර්ධන නිලධාරී කේ.ජී.ජී රෝෂණී ද සිල්වා මහත්මිය විසින් වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී.