කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය

Ministry of Women & Child Affairs and Social Security

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்ச

ජ්‍යාතන්තර කාන්තා දිනය - 2018

දියුණුවේ මං පෙත් - හෙලි කරයි - ඇය සවිමත්

“දියුණුවේ මං පෙත් - හෙලි කරයි - ඇය සවිමත් ” යන තේමාව යටතේ 2018 ජ්‍යාතන්තර කාන්තා දින ජාතික උත්සවය මාර්තු මස 08 දින පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය සමරු රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ,කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිණියගේ සහභාගීත්වයෙන් මෙවර ජාතික උත්සවය පැවැත්විණ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැඩ බැලූ ලේකම් අශෝකා අලවත්ත මහත්මිය, ශ්‍රි ලංකා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂ ඇතුලු අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් විවිධ කාන්තා සංවිධානවල කාන්තාවන් 4000 ක් පමණ උත්සවයට සහභාගී වූහ. කාන්තාවන් සතුවිය යුතු ශක්තීන් හා හැකියාවන් , යහපත් ගුණාංග හා වගකීම් මෙන් ම ගෘහ මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ඇගෙන් ඉටුවන මහඟු සේවාව මෙන්ම ඇය මුහුණ දෙන අභියෝගයන් හා ඇගේ අනාගත ගමන් මඟ පිළිබඳ ජනතාව සංවේදී කිරීමේ අරමුණින් උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය රුහුණ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිමා ගයත්‍රි විජේසුන්දර මහත්මිය විසින් පවත්වන ලදී. උත්සවයට සමඟාමීව මාර්තු 07 සහ 08 දෙදිනකාන්තා නිශ්පාදන ඇතුලත් ප්‍රදර්ශනාත්මක කුටි සහ වෙළඳ කුටි සහිත වෙළඳ පොළක් රාජකීය විද්‍යාල භූමියේ දී පවත්වන ලදී. මාර්තු 07 දින සවස විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී කාන්තා හමුදාබට සන්දර්ශනයක් ද පැවැත්විණි. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් ජාතික රූපවාහිනිය , රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහ වෙනත් පෞද්ගලික ආයතන වලින් පුළුල් සහයෝගීත්වයක් ලබා දෙනු ලැබිණි.

Posted in Ministry News on Mar 15, 2018