ජ්‍යාතන්තර කාන්තා දින සැමරුම් සතිය
එක්සිත්ව සවිමක්ව නැගී සිටීමේ පා ගමන
“දියුණුවේ මං පෙත් - හෙලි කරයි - ඇය සවිමත්”
කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීම හා ඔවුන් ශක්තිමත් කරවීම උදෙසා මහජනතාවගේ අවධානය යොමු කරනු වස් උපදේශනාත්මක පා ගමනක් 2018 ජ්‍යාතන්තර කාන්තා දිනයට සමඟාමීව 2018 මාර්තු 02 දින කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී පවත්වන ලදී. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මැතිණියගේ ප්‍රධානත්වයෙන් මෙදින උදෑසන 7.30 ට පා ගමන ආරම්භ විය. අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මිය, අතිරේක ලේකම්(සංවර්ධන) , අතිරේක ලේකම් (පාලන) ඇතුලු සියලුම නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. විවිධ කාන්තා සංවිධාන නියෝජනය කරමින් කාන්තාවන් 2500 ක පමණ පිරිසක් පා ගමන සඳහා සහභාගී වූහ. තව ද විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් මහත්ම මහත්මීන් රැසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ. සහභාගී වූ හා සහයෝගය ලබා දුන් සැමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කෘතවේදීත්වය පළ කෙරේ.