මාතර දිස්ත්‍රික්කය - මාතර කොට්ඨාශ නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පිහිටුවීම.
ළමා අපයෝජන හා කාන්තා හිංසනය අවම කිරීම උදෙසා ක්‍රියාත්මක කරන ලද විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක එක් ක්‍රියාකාරකමක් වන්නේ දිවයිනේ පොලිස් ස්ථානයන්හි කාන්තාවන්ට හා දරුවන්ට හිතකර හා සංවේදී වන ලෙස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථාපනය කිරීමය. ඒ අනුව මේ වන විට දිවයිනේ පළාත් 09 ක් අවරණය වන පරිදි නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ 34 ක් ඉදිකර ඇත. මේ අනුව මාතර දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද මාතර කොට්ඨාශ නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය 2018.04.06 වන දින කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු චන්ද්‍රානි බණ්ඩාර මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ දී ජනතා අයිතියට පත් කරන ලදි. මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මැතිතුමා, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මියද සහභාගී විය. මෙම කාර්යාංශය ඉදිකිරීම සහ ඒ සඳහා පරිගණක ඇතුළු කාර්යාල උපකරණ ලබා ගැනීම සඳහා රු. මිලියන 5.6 ක් වැය වී ඇත. මාතර දිස්ත්‍රික්කයේ ඇති පොලිස් ස්ථානයන්හි පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයන්හි සියළු පරිපාලන කටයුතු මෙම කොට්ඨාශ කාර්යාලයෙන් ඉටු කරනු ලබයි. මේ සම්බන්ධව 2016/09/27 දින අප අමාත්‍යාංශයේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම්තුමා හා කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍යතුමිය, ලේකම්තුමිය ඇතුළු නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය ලේකම්වරුන් ,පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිවරුන් හා කාන්තා හා ළමා කටයුතු වල නිරතවන ආයතනයන්හි නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් කාන්තා හා ළමා කටයුතු සිදු කිරීම සම්බන්ධව විශේෂ වැඩ මුළුවක් පවත්වන ලදී.
මෙම පොලිස් කාර්යාංශයේ ළමා හා කාන්තා කාර්යාංශය ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක හා අවම පහසුකම් යටතේ ක්‍රියාත්මක වී තිබුණි. එම නිසා එහි සේවා ලබා ගැනීමට පැමිණෙන කාන්තාවන් හා ළමුන් මෙන්ම පොලිස් නිලධාරීන්ට ද ගැටලුවලට මුහුණ දීමට සිදු වී ඇත. මේ අනුව පොලිස් ස්ථානයෙන් බැහැරව ඊට ආසන්න ස්ථානයක ඉදි කරන ලද මෙම නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය තුලින් ඉහල ගුණාත්මක සේවාවක් ලබා දීමට ඉදිරියට හැකි වේ.