ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදුවන හිංසනයන් වැළැක්වීම හා ප්‍රතිචාර දැක්වීම මෙන්ම ඊට අදාළ සේවාවන් වෙත යොමු කිරීම හා එම සේවාවන් අතර සම්බන්ධීකරණය සඳහා වන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩසටහන් පැවැත්වීම සඳහා අප අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සමඟ එක්ව වැඩසටහන් මාලාවත් පැවැත්වීමට කටයුතු කරනු ලැබේ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසනයන් වැළෑක්වීම / ඊට ප්‍රතිචාර දැක්වීමට අදාළව සේවා සපයනු ලබන ආයතන හා නිලධාරීන් ජාල ගත කර, නිලධාරීන් අතර දැනුම හා කුසලතා බෙදා හදා ගැනීමට අවශ්‍ය සබඳතා ගොඩනංවා, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදු වන හිංසනයන් වැළැක්වීමට කටයුතු කරනවා සේම, නිසි යොමු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම තුළින් සේවා සැපයීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය. ඒ තුළින් වින්දිතයා කේන්ද්‍ර කරගත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමටත්, ඔවුන්ගේ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මකවීමටත් කටයුතු කරනු ලැබේ.
ඒ අනුව,හම්බන්තොට දිස්ත්‍රික්කය සහ මන්නාරම දිස්ත්‍රික්කය මේ සඳහා නියමු දිස්ත්‍රික්ක ලෙස තෝරා ගෙන ඇත. එම දිස්ත්‍රික් දෙකෙහි සිදු කරන ලද සිතියම්ගතකරණය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කරන ලද සාකච්ඡා පාදක කර ගනිමින්, හම්බන්තොට දිස්ත්‍රික් උපදේශක හමුව 2019.07.01 වන දින පෙ.ව.9.00 සිට ප.ව. 2.30 දක්වා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අමාත්‍යාංශ ලේකම්තුමිය, දර්ශනා සේනානායක මැතිතුමියගේ සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්තුමන්, බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිත Ritzu Nacken මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා සේවා සපයන සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් පවත්වන්නට යෙදුනි. මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වනිතා සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් Laptop පරිගණක යන්ත්‍ර ලබා දීමද සිදු කරන ලදි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) අනුග්‍රාහකත්වය ලබා දෙන ලදි.
එසේම, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය කිරීම සඳහාත්, මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා දායක විය යුතු ආකාරය පිළිබඳවද දැනුවත් කරමින් 2019.07.02 වන දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) උපදේශක නීතිඥ උදේනි තෙවරප්පෙරුම මහත්මිය සහ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඉන්දික දයාරත්න මහතා විසින් සම්පත්දායකත්වය ලබා දෙන ලදි.
තවද, මෙම වැඩසහනට සමගාමීව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වැඩසටහන් පහත පරිදි වේ.
2019.08.08 - මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වැඩසටහන - මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
2019.08.09 - මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වැඩසටහන - මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසනයන් වැළැක්වීම හා ඊට අදාළ ප්‍රතිචාර දැක්වීමට අදාළ සේවාවන් වෙත යොමු කිරීම හා එම සේවාවන් අතර මනා සම්න්ධීකරණය සඳහා වන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම - 2019.07.01
![]() |
![]() |
![]() |
![]() |
ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන - 2019.07.02
![]() |
![]() |