“දියණියේ, සුරක්ෂිත ලොවක පරිපූර්ණ වීමට අපි ඔබට අත දෙමු”
ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික වැඩසටහන 2017
ගැහැණු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික වැඩසටහන 2017.10.11 දින කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිනියගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ.
මේ සඳහා පාසල් දරු දැරියන් ඇතුළු 1000ට අධික පිරිසක් සහභාගී විය. මේ වැඩසටහන අදියර දෙකකින් සමන්විත වූ අතර, පළමු අදියරේදී ගැහැණු දරුවා සාමාජීය වශයෙන් සවිබලගැන්වීම අරමුණ කර ගනිමින් හා සමස්ත අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා කර ගැනීමට අදාළව පණිවිඩ ඇතුළත් ප්‍රකාශන ප්‍රදර්ශනය කරමින් කෙටි දැනුවත් කිරීමේ පාගමනක් නිදහස් චතුරස්‍රයේ සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය දක්වා පැවැත්විණ.
එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් පවත්වනු ලැබූ පෝස්ටර් තරඟාවලියේ සමස්ත ලංකා ජයග්‍රාහකයන් සඳහා සම්මාන හා සහතික පත්‍ර ප්‍රධානයද මෙහිදී සිදු කරනු ලැබිණි. එම තරඟාවලියේ ත්‍යාග සඳහා අනුග්‍රාහකත්වය ලංකා බැංකුව මඟින් ලබාදෙන ලදි.