කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය

Ministry of Women & Child Affairs and Social Security

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்ச

කාන්තා හා ළමා සංවර්ධන කටයුතු වල නිරත වන ක්ෂේත්‍ර නිලධාරින් සඳහා පූර්ව නෛතික සේවාව ලබාදීමේ වැඩසටහන
2018.09.07- නාරම්මල

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ජාතික මට්ටමින් මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් සේවා ඉටු කිරීම සඳහා නිලධාරීන් පත් කර ඇත. මොවුන්ට පැවරෙන එක් ප්‍රධාන වගකීමක් වනුයේ කාන්තාවන්ගේ හා ළමුන්ගේ රැකවරණය ආරක්ෂාව හා අයිතිවාසිකම් සුරැකීමයි. එහිදී අයිතිවාසිකම් කඩවීම් වලට ලක්වන හිංසනයන්ට හෝ අපයෝජනයන්ට ලක්වන කාන්තාවන් හා ළමුන් උදෙසා රටේ පවතින අධිකරණමය හා නීතිමය ක්‍රියාවලිය තුළින් උපරිම සේවාවක් ලබාගැනීමට යොමු කිරීම හා ඒ සඳහා අවශ්‍ය අවස්ථාවන්හි දී ජනතාව සූදානම් කරවීමට ප්‍රමාණවත් මූලික දැනුමක් මෙකී නිලධාරීන්ට ලබා දීම සඳහා පූර්ව නෛතික සේවා ලබාදීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට අප අමාත්‍යාංශය සැලසුම් කර ඇත. එහි පළමු වැඩසටහන 2018.09.07 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල භාණ්ඩ අපනයන සංවර්ධන ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා නීති ආධාර කොමිසන් සභාව මගින් සම්පත් දායකත්වය ලබා දුන් අතර කාන්තා හා ළමයින් සම්බන්ධ නීති, ප්‍රඥප්ති පිළිබඳ දැනුවත් කිරීම, මනෝ උපදේශනයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සිදුකරන ලදී.

Posted in Highlights, Ministry News on Oct 17, 2018