ළමා අයිතිවාසිකම් සම්මුතියට අදාල 5 වන සහ 6 වන කාලීන වාර්තා සමාලෝචනය 77 වන සැසිවාරය- එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් කමිටුව
1991 දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියටත් ළමුන් විෂයෙහි ශ්‍රී ලංකාවට බලපාන්නා වූ සුවිශේෂි කාරණා 2 ක් සම්බන්ධයෙන් වන අතරු සම්මූතීන් 2 කටද (2000 - Optional Protocol on Children with Armed Conflict, 2006 - Optional Protocol on Child Sexual Exploitation, Child Prostitution and Child Pornography ) ශ්‍රී ලංකාව විසින් අත්සන් කොට එය මෙරට ක්‍රියාත්මක කිරීමට එකගතාවය පළ කොට ඇත. මෙම සම්මුතින් සමග අත්වැල් බැදගැනීමත් සමග සෑම වසර පහකට වරක් එම සම්මුතින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් කමිටුවට කාලීන වාර්තාවක් ඉදිරිපත් කිරීමට රජය බැදී සිටි.
2015 වර්ශයේදි ළමා අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 5 වන සහ 6 වන වාර්තාව එම කමිටුව වෙත ඉදිරිපත් කළ අතර එය සමාලෝචන කිරීම 2018 ජනවාරි 15 සිට 17 දක්වා වූ තෙදින තුල ජිනීවා හිදි පැවැත්වු එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය පිළිබද වූ 77 වන සැසිවාරයේදි සිදු කරනු ලැබීය . මේ සදහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම්ගේ මූළිකත්වයෙන් විවිධ අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් සාමාජිකයන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී විය.
සැසිවාරයේ දි වාර්තාව හදුන්වා දෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම් වරිය විසින් රටක් ලෙස ශ්‍රී ලංකාව වසර 27 කට ආසන්න කාලයක් තුල ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා සියළුම ක්ෂේත්‍රයන් විසින් ගෙන ඇති උපාය මාර්ගික ක්‍රියාකාරීත්වයන්ගේ ප්‍රගතිය පිළිබද කරුණ ඉදිරිපත් කළේය. මෑත කාලීනව ගෙන ඇති වැදගත් පියවරයන් ලෙස ළමා ශ්‍රමිකත්වය අවම කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් , අනිවාර්ය අධ්‍යාපන වයස අවු 14 සිට 16 දක්වා ඉහල නැංවීම, දරුවෙකු වරදකරුවෙකු ලෙස නීතිය ඉදිරියට පැමිණවීමේ අවම වයස අවු. 8 සිට 12 දක්වා ඉහල නැංවීමත් ඒ සදහා දණඩ නීති සංග්‍රහය සහ අපරාධ නීති විධි විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට ගෙන ඇති පියවරයන් සහ ළමයින් සහ යෞවණයන් පිළිබද ආඥා පනත සංශෝධනය කිරීමට ගෙන ඇති පියවරයන් මෙන්ම ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සහ වෙනත් විධිවිධාන සකස් කරමින් ඒ සදහා වු සුවිශේෂි නිලධාරින් පිරිසක් ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය.
ජාත්‍යන්තර සහයෝගිතාවය වර්ධනය කරමින් ශ්‍රී ලාංකික රජය ගෙවුණ වසර 10 තුල එක්සත් ජාතීන් සමග ඇතිකරගත් සම්මුතීන් 7 ක් සම්බන්ධයෙන් සමාලෝචනයන් සදහා සහභාගි වූ අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රතිපත්තීන්ට අනුව මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා දරණ උත්සාහය පිළිබද කරුණු අවධාරණය කළේය.
රජයක් ලෙස ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා රක්ෂක කමිටුව ධනාත්මක ප්‍රතිචාර දැක් වූ අතර රාජ්‍ය කැපවීම සම්බන්ධයෙන් ප්‍රසංසා එක්කළේය. එහෙත් කමිටුව විසින් ශ්‍රී ලංකා රජය තවදුරටත් අවධානය යොමු කළයුතු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබද කරුණු දැක්වුයේය. ඒ අතර දරුවන් තවමත් තමන් අයිතිවාසිකම් වලට උරුමකරුවන් බව නොදන්නා බවටත් ඒ පිළිබද දරුවන් දැන්වත් කිරීම තවදුරටත් අවශ්‍ය බවත් අවධාරණය කලේය. ඊට අමතරව අදාල ක්ෂෙත්‍රගත ආයතන අතර ළමා අයිතිවාසිකම් ක්‍රිය්ත්මක කිරීම සම්බන්ධයෙන් මනා සම්බන්ධීකරණයක අවශ්‍යතාවය, ළමුන් විෂයෙහි මුල්‍යමය ආයෝජනය, ළමා අයිතිවාසිකම් වලට අදාල විස්තරාත්මක දත්ත පද්ධතියක අවශ්‍යතාව, ළමුන් සම්බන්ධයෙන් සිදුකරන්නා වූ ක්‍රියාකාරීත්වයෙහි බලපෑම විමර්ශණය කිරීමේ ක්‍රමවේද හදුනා ගැනීම, මුස්ලිම් නීතිය යටතේ විවාහය සදහා වන අවම වයස් සීමාව නීතිගත කිරීම, ළමා විවාහ අවම කිරීම, නිවාසගත දරුවන්හට වෙනස් කොට නොසැලකීම, විවිධ හැකියාවන් ඇති දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීම, කායික දණ්ඩනය, දරුවන්ගේ සහභාගීත්ව අයිතිය ශක්තිමත් කිරීම යනාදි ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් රජය තවදුරටත් අවධානය යොමු කර ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.