කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය

Ministry of Women & Child Affairs and Social Security

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்ச

ලෝක ළමා දින ජාතික උත්සවය - 2018

“දිරියෙන් පෙරමුණට යන්න ළමා කැලට සවිය දෙන්න”මෙවර තේමාව කරගත් ලෝක ළමා දින ජාතික උත්සවය 2018 ඔක්තෝම්බර් මස 01වැනි දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු චන්ද්‍රාණි බණ්ඩාර මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලිය ගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී අති සාර්ථක අයුරින් පැවැත්විණි.

ඒ සඳහා ගරු අමාත්‍යවරුන්න්, පාර්ලිමේන්තු හා පළාත්සභා මන්ත්‍රීවරුන් ,අමාත්‍යාංශ ලේකම්වරුන් දිස්ත්‍රික් හා ප්‍රාෙද්ශීය ලේේකම්වරුන් ආදී ආරාධිත අමුත්තන් රැසක් සමගින් තෝරාගත් පාසල් රැසකින් ළමුන් 2500ක් පමණ සහභාගි විය. ළමා සමාජ හා පාසල් කිහිපයකින් විශේෂාංග සඳහා සහභාගි වූ දරුවන් විසින් උත්සවය වර්ණවත් කරන ලද අතර මෙම අවස්ථාවේ දී ගම්පහ, කලුතර සහ කොළඹ යන දිස්ත්‍රික්කයන්හි සුවිශේෂිි දක්ෂතා දැක් වූ පාසල් දරුවන් නම දෙනෙක් ද ගරු අග්‍රාමාත්‍යවරුන්ගේ දෑතින් ඇගයීමට පාත්‍ර විය. ලෝක ළමා දිනයට සමගාමීව දරුවෙකු විසින් නිර්මාණය කරන ලද මුද්දරය ද එළිදැක්වීට මෙහි දී කටයුතු කරන ලදී. ළමා සංවර්ධනයට අදාළ වැදගත් අංග කිහිපයක් ආවරණය වන පදිරි පවත්වන ලද ප්‍රධාන දේශනය ජ්‍යේෂ්ඨ මනෝ උපදේශක හා මනෝ චිකිත්සක විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන විසින් පවත්වන ලදී.

තවද මෙම ජාතික උත්සවයට සමගාමීව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික රූපවාහිනීය එකාබද්ධව දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් සැප්තැම්බර් මස 30 වන දින කොළඹ විහාරමහ දේවී උද්‍යානයේ දී ද පවත්වන ලද අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ළමා විෂයට අදාළ ආයතන තුන මගින් විහාරමහාදේවී උද්‍යානයේ දී ප්‍රදර්ශන කුටි පවත්වා තරඟ සංවිධානය කොට දරුවන් වෙත වටිනා ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදුවිය. මෙම උත්සව අවස්ථා දෙකෙහිම සජීවී ආවරණයක් ජාතික රූපවාහිනිය මගින් ලබා දෙන ලදී. .

Posted in Highlights, Ministry News on Sep 26, 2018