අමාත්යාං ශ නිලධාරීන් සඳහා පර්යේෂණ ක්රගමවේදය පිළිබඳ දෙදින පුහුණු වැඩසටහන
කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්යාං ශයේ ප්ර්මුඛතම කාර්යභාරය වනුයේ, මෙරට කාන්තාවන්, ළමුන් සහ වියළි කලාපයේ සමස්ථ ප්රශජාවගේ ආර්ථික සහ සමාජ සංවර්ධනය තහවුරු කරගත් ඔවුන්ට යහපත් සමාජයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා අමාත්යාංහශයේ නිලධාරීන් සතුව ඒ ඒ ක්ෂේත්රනයන්ට අදාළ වෘත්තීයමය දැනුමත්, හැකියාවනුත් පැවතීම අත්යේවශ්යස වන අතර අමාත්යාං ශය විසින් ඉහත පිරිස් වෙත ඉටුකළ යුතු කාර්යභාරයන් පිළිබඳ තීරණ ගැනීම සඳහාත්, එම ක්ෂේත්රඒය පිළිබඳව සමාජයේ දැනුම හා සංවේදීතාව වර්ධනය කිරීම සඳහාත් පර්යේෂණ ක්රි්යාවලියක වැදගත්කම අමාත්යාංයශය හඳුනාගෙන තිබේ. ඉහත කරුණු කෙරෙහි මූලික අවධානය යොමු කරමින් මෙම අමාත්යාං ශයේ එනිනෙක අංශ නියෝජනය වන පරිදි කාන්තා හා ළමා සංවර්ධන ක්ෂේත්රවයට අදාළ නිලධාරීන් තුළ පර්යේෂණ පිළිබඳ දැනුම හා හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා පර්යේෂණ ක්රධමවේදය පිළිබඳ දෙදින පුහුණු වැඩසටහනක් 2019.08.06 සහ 07 යන දිනයන්හි අමාත්යාං ශෙය්දී පැවැත්විය. එහිදී, • පර්යේෂණයන් පිළිබඳ නිලධාරීන්ගේ න්යාියාත්මක හා ප්රාකයෝගික දැනුම වර්ධනය කිරීම. • සමාජවිද්යා ත්මක පර්යේෂණයන්හි වැදගත්කම හා ඒවායේ මූලික සිද්ධාන්තයන්, ශිල්පක්ර.ම පිළිබඳ නිලධාරීන් සංවේදී කිරීම. • අමාත්යාං ශය මට්ටමින් එකිනෙක තෝරාගත් විශය ක්ෂේත්රායන්ට අදාළ පිලිගතහැකි මට්ටමේ පර්යේෂණ සිදුකිරීමට නිලධාරීන් උනන්දු කිරීම හා ඒ සඳහා ඔවුනගේ නිපුනතාවය වර්ධනය කිරීම. • විශේෂයෙන් නිලධාරීන්ගේ පශ්චාත් උපාධි අධ්යසයන කටයුතු වලදී භාවිතා කිරීමට හැකිවන පරිදි පර්යේෂණ පිළිබඳ ප්රාමාණවත් දැනුමක් ඇති කිරීම.
යනාදී අරමුණු සහිතව සිදුකරන ලද මෙම පුහුණු වැඩසටහන කොළඹ විශ්වවිද්යාුලයේ, සමාජවිද්යාප අධ්යීනාංශයේ සම්පත්දායකත්වයෙන් සිදුකරන ලදි. සමාජ පර්යේෂණ පිළිබඳ හැඳින්වීම, පර්යේෂණ ආචාර ධර්ම, දත්ත රැස්කිරීම හා විශ්ලේෂණය සහ පර්යේෂණ වාර්තාව සකස් කිරීම යනාදී මාතෘකාවන් ඔස්සේ දින දෙකක් පුරා සිදුකරන ලද මෙම පුහුණු වැඩසටහන අවසානයේ සහභාගීවූවන් සඳහා ලේකම්තුමියගේ ප්රදධානත්වයෙන් සහතිකපත් ප්රලධානය කරන ලදි.