ලේකම්තුමියගේ පණිවුඩය
රටක ජාතික සමාජ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී කාන්තාවන්ගෙන් ලැබෙන දායකත්වය අතිවිශාලය. එනිසාම අප ජාතියක් වශයෙන් තිරසාර සංවර්ධනයක් කරා යොමුවීමට නම් ඇය පෙරටුගාමී හා ගාමක බලවේගයක් වීම අත්‍යාවශ්‍යය. දැනුම, කුසලතාවයන් හා යහපත් ආකල්පයන්ගෙන් හෙබි වඩා කාර්යාක්ෂම හා ක්‍රියාශීලී කාන්තා පරපුරක් සිටින්නේ නම් එය රටට අගනා සම්පතකි. ඒ පිළිබඳව සමාජයේ දැනුවත්භාවය හා සංවේදීතාවය වැඩි දියුණු කරමින් ඉදිරි අනාගතයට උචිත වන පරිදි ඔවුන්ට අවස්ථා සලසා දීම අපගේ ප්‍රධානම වගකීමකි.
ඊට ප්‍රවේශයක් වශයෙන් “සුහුරු කතක් - සොඳුරු ලොවක්” යන තේමාවෙන් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය ශ්‍රී ලංකාවේ සමරනුයේ ඉමහත් අභිමානයකිනි. රටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියේදීත් යහපත් හර පද්ධතීන් ගෙන් පිරිපුන් සමාජයක් ස්ථාපිත කිරීමේදීත් ඇයට උපකාරී වන පරිසරයක් නිර්මාණය කිරීම ජාතික අවශ්‍යතාවයකි.
ඒ අනුව, කාන්තාවන්ට ප්‍රතිලාභ හා අවස්ථා රැසක් උදා කරමින් සමගාමී වැඩසටහන් රැසක් ද සමඟ මාර්තු මස 08 දින සමරනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනය ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ප්‍රෞඩත්වය හා අභිමානය තහවුරු කෙරෙන දීර්ඝ කාලීන ක්‍රියාදාමයක තවත් සාර්ථක ඇරඹුමක් වනු ඇතැයි ප්‍රාර්ථනා කරමි.
දර්ශනා සේනානායක
ලේකම්
කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය