“අරුණ දකින රටා” මුල් ළමාවිය දරුවන්ගේ සිතුවම් දැක්ම - 2018
මුල් ළමාවිය සංවර්ධනයෙහි ලා මහෝපකාරී වන ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක් ලෙස දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා හඳුනාගත හැක. දරුවන්ගේ කුසලතා හඳුනාගැනීමත්, නිසි ඇගයීමට ලක් කිරීමත් හරහා එම කුසලතා සංවර්ධනය කර ගැනීමට දායක වීම නිර්මාණශීලී දැයේ දරු පරපුරක් අපේක්ෂා කරන වැඩිහිටි සැමගේම යුතුකම මෙන්ම වගකීම ද වේ. එම අරමුණ පෙරදැරි කරගනිමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය මගින් 2018 වර්ෂයේ “අරුණ දකින රටා” මුල් ළමාවිය දරුවන්ගේ සිත්තම් පෙළහර සාර්ථක ලෙස අටවන වරටත් සංවිධානය කොට පසුගිය දින පවත්වන ලදී. මෙම සිතුවම් දැක්ම අවුරුදු 3 -5 අතර පෙර පාසල් යන සහ පෙර පාසල් නො යන සියලු ම ශ්‍රී ලාංකික දරුවන් වෙත විවෘත වේ. මේ සඳහා සහභාගීවීමට කැමති දරුවන් තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හරහා ලියාපදිංචි විය යුතුය. එම දරුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අඳින සිතුවම් දිස්ත්‍රික් මට්ටම වෙත ද ඉන් තෝරාගන්නා ලද සිතුවම් 500ක් ජාතික මට්ටම වෙත ද යොමු කරනු ලැබේ.
මෙවර ද එලෙස තෝරාගත් චිත්‍ර ජාතික මට්ටමින් ප්‍රදර්ශනය කිරීම සහ ජයග්‍රාහී දරුවන් වෙත ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමිම 2018/08/16 වන දින මහරගම ජාතික තරුණ සේවා සභාවේ දී පවත්වන ලදී. කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිනියගේ
ප්‍රධානත්වයෙන් සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අශෝකා අලවත්ත මහත්මියගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් මෙන්ම ත්‍යාගලාභී දරුවන්ගේ දෙමාපියන් සහ පෙර පාසල් ගුරුවරියන් ද සහභාගී විය