සෙත්සිරිපාය පරිශ්‍රයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මුල් ගල තැබීම
(අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ පල කිරීම සඳහා)
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන හා අධීක්ෂණය මත නාගරික සංවර්ධන අධිකාරියේ ද අධීක්ෂණය යටතේ සෙත්සිරිපාය පරිශ්‍රයේ ඉදි කිරීමට නියමිත දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා මුල් ගල තැබීම කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2018 අගෝස්තු මස 08 වන දින පෙ:ව 9.12 ට යෙදුණු සුභ මොහොතින් සෙත්සිරිපාය පරිශ්‍රයේ දී සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධනය අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් ද සුභ සාධක සංගමයේ නිලධාරී මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.
රාජ්‍ය සේවකයින් රාජකාරීන්හි නිරත වන කාලසීමාවන්හී දී ඔවුන්ගේ දරුවන් සුරක්ෂිතව රැඳවීමට සුදුසු ස්ථාන නොමැති වීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් වන අතර , එය සේවාවන්හි ගුණාත්මක බව අඩු වීමට ද හේතු පාදක වේ. බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රය තුල ද අලුතින් අමාත්‍යාංශ ගණනාවක් ස්ථාපිත කිරීම හේතුවෙන් නව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය දඩිව උද්ගතව පවතින අතර, ඒ සඳහා පිළියමක් වශයෙන් ආදර්ශ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ලෙස මෙම නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඉදිකෙරේ. එසේම සියලුම රාජ්‍ය ආයතන වල දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අප අමාත්‍යාංශය දැනුවත් කර ඇති අතර , එහි නියමු ව්‍යාපෘතිය ලෙස මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඉදිකිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් මේ සඳහා රුපියල් මිලියන 10 ක ප්‍රතිපාදන වැය කරනු ලබන අතර, ළමා ලේකම් කාර්යාලය මඟින් අවශ්‍ය තාක්ෂණික උපදේශකත්වය ලබා දේ. නියමිත ප්‍රමිතීන්ට අනුව ළමා මිතුරු පරිසරයක් දරුවන්ට ලබා දීම තුළින් දරුවන් සඳහා උපරිම විභවතාවයන් සංවර්ධනය වීමට අවස්ථාව හා පරිසරය නිර්මාණය කිරීම මඟින් දරුවන්ට හිතකර වන ලෙස මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය සැලසුම් කර ඇත.