කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය

Ministry of Women & Child Affairs and Social Security

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்ச

ජාත්‍යන්තර කාන්තා දිනය - 2018 මාර්තු 08 - පොළොන්නරුව දිස්ත්‍රික්කය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කය හා දීප ව්‍යාප්තව විවිධ වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය

ඒ අනුව ,

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමි කාන්තා නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවි පොළ - 2018 ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ ලියාපදිංචි කාන්තා කාර්ය සංවිධාන වල සාමාජිකාවන්ගේ ආර්ථික හා සමාජීය තත්ත්වය නඟා සිටුවීම වෙනුවෙන් ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය වර්ධනය සඳහා කාන්තාවන් දිරිගැන්වීමත් , නිර්මාණ හා නිෂ්පාදන සඳහා ප්‍රදර්ශනාත්මක වෙළඳ පලක් ඇති කිරීමත් , ව්‍යවසායකත්ව අත්දැකීම් හුවමාරුව අරමුණු කර ගනිමින් චක්‍රිය ණය , ශිල්පීය පුහුණුව හා වැන්දඹු කාන්තා වැඩසටහන යටතේ ආදායම් උත්පාදනය යන වැඩසටහන් මෙන් ම වෙනත් විවිධ වැඩසටහන් ඔස්සේ බල ගන්වන ලද ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදනයන්ගෙන් සමන්විත ව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව කාන්තා නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවි පොළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දී වෙළඳ කුටි 90කින් යුක්තව ව්‍යවසායිකාවන් 100යකගේ සහභාගීත්වයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ය.

චක්‍රීය ණය වැඩසටහන -

ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය යටතේ ලියාපදිංචි කාන්තා කාර්ය සංවිධානවල අඩු ආදායම්ලාභී සාමාජිකාවන් ආර්ථික හා සමාජිය වශයෙන් බල ගැන්විම සඳහා ඔවුන් ව්‍යවසායකයන් ලෙස ව්‍යාපාර ක්ෂෙත්‍රයට පෙළඹවීම සහ උනන්දු කරවීම සඳහා අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ 1992 වර්ෂයේ සිට ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය චක්‍රීය ණය වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මේවන විට මෙහි ප්‍රතිලාභ ලැබු කාන්තාවන් ප්‍රමාණය 25000 ක් ඉක්වා ඇති අතර, 2017 වර්ෂයේ ප්‍රතිලාභීන් 865 ක් අතරේ ස්වයං රැකියා ආරම්භ කිරිමටත් වැඩි දියුණු කිරිමටත් රු.මි.11 කට ආසන්න මුදලක් ලබා දි ඇති අතර, චක්‍රීය ණය යෝජනා ක්‍රමයේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අධීක්ෂණය සහ ගිණුම් පුහුණු වැඩසටහන් දිස්ත්‍රික් 19 ක පවත්වා අවසාන ගිණුම් සකස් කොට ඇත.

2018 වසරේ ද චක්‍රිය ණය වැඩසටහන ක්‍රියාත්මක කරන අතර කාන්තා කාර්ය සංවිධාන වල ලියාපදිංචි කාන්තාවන් සදහා වැඩි ප්‍රතිලාභ ලබා දිමේ අරමුණින් කණ්ඩායම් ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දිමට අවශ්‍ය කටයුතු මේවන විට සිදුකරන අතර එහි සමාරම්භය 2018 -ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට ශ්‍රි ලංකා කාන්තා කාර්යාංශය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය හා ඩේවිඩ් පීරිස් ආයතනය එක්ව ව්‍යවසායක කාන්තාවන් සංවර්ධනය කිරිම සදහා විවිධ සංවර්ධන වැඩසටහන් මේවන විටත් ලංකාව පුරා සිටින කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ආරම්භ කරඇත.

එහි පළමු අදියර 2017.වර්ෂයේ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නියැදි සිටින ව්‍යවසායක කාන්තාවන් ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් 5 ක ආහාර නිෂ්පාදන කර්මාන්තවල නියුතු ව්‍යවසායක කාන්තාවන් සදහා ඔවුන්ගේ නිෂ්පාදන වල ගුණාත්මකභාවය, ඇසුරුම්කරණය හා ප්‍රමිතිකරණය ඉහල නැංවීම තුළින් ඔවුන්ගේ නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළඳ පළ වෙත යොමු කිරීමේ අරමුණින් බණ්ඩාරගම ඩේවිඩ් පීරිස් ශ්‍රවණාගාරයේ දී ව්‍යවසායක කාත්තාවන් 80 ක් සඳහා පුහුණු වැඩසටහනක් පවත්වන ලදි. එදින ඔවුන්ගේ සාම්පල් පරික්ෂා කර ගුණාත්දක තත්ත්වයෙන් යුතු නිෂ්පාදන සඳහා ඩේවිඩ් පිරිස් ආයතනයේ බත්තරමුල්ලේ පිහිටි ග්ලෝ අලෙවි (Glo) මධ්‍යස්ථානයේ දි අලෙවි කිරීමට අවස්ථාව සඳහා සලසා දී ඇත. ඩේවිඩ් පීරිස් ආයතනය තව දුරටත් ඔවුන්ගේ ප්‍රජා සත්කාර සේවාව පුළුල් කරමින් ශ්‍රි ලාංකීය කාන්තාව කාර්මික අංශය වෙත යොමු කිරීමේ අරමුණින් ත්‍රිරෝද රථ කර්මාන්තය පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීම සඳහා තෝරා ගත් කාන්තාවන් 50 ක් සදහා පුහුණු වැඩසටහනක් බණ්ඩාරගම ඩේවිඩ් පීරිස් ආයතන පරිශ්‍රයේ දී මේ වන විටත් පවත්වා ඇත .ඒ තුලින් පුහුණුව ලත් කාන්තාවන් ත්‍රිරෝද රථ අළුත් වැඩියා කිරීම සඳහා තම නිවසේ සිටම සිදු කර හැකි අතර ඒ තුළින් ඔවුන්ට ගෘහය තුළ සිටම මෙම ව්‍යාපාරය කරගෙන යා ම තුලින් ආර්ථිකය ශක්තිමත් කිරිමටත් පවුලේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරිමටත් හැකියාව ලැබේ.

2018 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ඩේවිටි පීරිසි ආයතනය ශ්‍රි ලංකා කාන්තා කාර්යාංශය හා එක්ව මෙවැනි වැඩසටහන් තුළින් ශ්‍රී ලාංකීය කාන්තාව ආර්ථිකයට දායක කර ගැනීමේ වැඩසටහන් මාළාවක් දීප ව්‍යප්තව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ය .

සූවනාරි සෞඛ්‍ය වැඩසටහන පැවැත්වීම

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවයට සමගාමීව කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවිම සඳහා සුවනාරි සෞඛ්‍ය වැඩසටහන් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පෙබරවාරි මාසය තුල පහත සඳහන් දින වල දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

දිනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල

2018.02.15 - වැලිකන්ද
2018.02.16 - මැදිරිගිරිය
2018.02.19 - ලංකාපුර
2018.02.20 - හිඟුරක්ගොඩ
2018.02.22 - දිඹුලාගල
2018.02.23 - ඇළහැර
2018.02.26 - තමන්කඩුව
2018.02.27 - දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර යුධ හමුදා කඳවුර

ගෘහමූලික කාන්තාවන් සවිබල ගැන්වීම - (ගෘහමූලික කාන්තාවන් සඳහා ස්වයං රැකියා අවස්ථා )

තිරසර සංවර්ධන අභිමතාර්ථ, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයන් වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සහ ගෘහමූලික කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම තුළින් අවදානමට ලක්වූ ගෘහමූලික කාන්තාවන් නගා සිටුවීම සඳහා සහ මෙම කොටසට සමාන අවස්ථා ඇති කිරීම සඳහා ගන්නා උත්සාහයක් ලෙස කාන්තා ශ්‍රම සහභාගීත්වය ඉහළ නංවා දේශීයව ආර්ථිකය වර්ධනය කිරීම සඳහා ගෘහස්ථ මට්ටමේ ඉපයීම් හා නිෂ්පාදනයේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ගෘහමූලික කාන්තාවන් සමාජමය සහ ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය හඳුනා ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් ගෘහමූලික කාන්තාවන් ස්වයං රැකියා ව්‍යාපෘති ගැන්වීම සඳහා තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙම ව්‍යපෘති ක්‍රියාත්මක කරනුලබයි.

ව්‍යාපෘති අරමුණු

• රැකියා විරහිත කාන්තාවන් සඳහා ආදායම් උත්පාදන අවස්ථා හඳුන්වා දීම
• ගෘහමූලික කාන්තාවන් ව්‍යාපෘති ගැන්වීම හා ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම. • අදාල කාන්තාවන් සඳහා උපදේශන සේවාවන් සැපයීම හා අදාල සේවාවන්වලට යොමු කිරීම.

ඉලක්ක කණ්ඩායම

වයස අවුරුදු 18-65 දක්වා ගෘහමූලික වූ ස්වයං රැකියා කිරීම සඳහා කැමැත්තක් ඇති අඩු ආදායම්ලාභී කාන්තාවක් වීම.(ස්වාමියා මිය ගිය කාන්තාවන්/නීත්‍යානූකූල හෝ නීත්‍යානූකූල නොවන ලෙස ස්වාමියා විසින් හැර දමන ලද හෝ ස්වාමියා හැරගිය කාන්තාවන්/අවිවාහක එහෙත් දරුවන් සිටින කාන්තාවන්/ පූර්ණ ආබාධිත වීම හේතුවෙන් පවුලේ ආදායමට දායක විය නොහැකි ස්වාමිපුරුෂයන් සිටින කාන්තාවන්/දීර්ඝකාලීන ලෙස බන්ධනාගාර ගතවූ ස්වාමිපුරුෂයන් සිටින කාන්තාවන්)

2018 ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවයට සමගාමී වැඩසටහන්

  1. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුම 2018 මාර්තු 08 කාන්තා දින ජාතික උත්සවයේ දී ගෘහමූලික වූ අඩු ආදායම්ලාභී තෝරාගත් කාන්තාවන් 15 දෙනෙකු සඳහා ස්වයං රැකියා සහන ණය පිරිනැමීමට කටයුතු සැලසුම් කර ඇත. (ලංකාපුර/මැදිරිගිරිය/දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස)

  2. ගෘහමූලික වූ අඩු ආදායම්ලාභී තෝරාගත් කාන්තාවන් 10 දෙනෙකු සඳහා ව්‍යවසායකත්ව‍/ව්‍යවසායකත්ව පෙළඹවීමේ පුහුණුව /වෘත්තීය සහ තාක්ෂණීක පුහුණුව ලබාදීම /තාක්ෂණික සහ මූල්‍යමය ආධාර ලබාදීම /ගෘහමූලික කාන්තා නිෂ්පාදන සහ වෙළඳ කණ්ඩායම් සංවිධානය කිරීම සහ ජාලගත කිරීම . (වැලිකන්ද /තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස) ලබා දෙන ලද ස්වයං රැකියා ණය සහ ආධාරවලින් පහත සඳහන් ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය . මැහුම්/සිල්ලර වෙළඳාම/ජංගම වෙළඳාම/සත්ත්ව පාලනය/ආහාර සැකසීම/කෘෂි කර්මාන්ත/සුළු හා අත්කම් නිෂ්පාදන .

ආදායම් උත්පාදන මාර්ග සදහා පෙළඹවීමේ පුහුණු වැඩසටහන - 2018

ඡාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ‍යෙහි ශ්‍රි ලංකා කාන්තා කාර්යාංශය මගින් 2018 වර්ෂයේ ආදායම් උත්පාදන මාර්ග සහා පෙළඹවීමේ පුහුණු වැඩසටහන මැදිරිගිරිය,දිඹුලාගල,තමන්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්හි පැවැත්වීමට සැලසුම් කර ඇත.එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් සදහා සාමාඡිකාවන් 25 දෙනෙක් සහභාගී කෙරේ.

ශ්‍රි ලංකා කාන්තා කාර්යාංශය විසින් ක්‍රියාත්මක සියලු ණය වැඩසටහන් සාර්ථක කර ගැනීම මෙහි අරමුණයි

(චක්‍රීය ණය /වැන්දඹු හා ගෘහ මූලික කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම/විදේශගත වීමට අපේක්ෂිත කාන්තාවන් සදහා විකල්ප ආදායම් උත්පාදනය/පශු සම්පත්/දිරිය මන්පෙත ආදී වැඩසටහන්) මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් සඳහා රු.17,000.00 ප්‍රතිපාදන ලබා දේ.

“සාධනීය මිතුරු ගමක්” ව්‍යාපෘතිය

කාන්තා හා ළමා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ “සාධනීය මිතුරු ගමක්” නමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය තුළ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය සිදු කරනු ලබන්නේ තෝරාගත් ග්‍රාම නිලධාරි වසම් වලට අදාල කාන්තාවන් ආර්ථික හා සාමාජීය වශයෙන් සවිබල ගැන්වීමේ කාර්යයයි. කාන්තාව මානසික වශයෙන් හා ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කිරීම, කාන්තාවගේ කලාත්මක හැකියා වර්ධනය, කාන්තාව නිවැරුදි ජීවනෝපාය මාර්ගයකට යොමු කිරීම, කාන්තාව තූළ සෞඛ්‍ය සංවර්ධනය කිරීම වැනි ප්‍රතිඵල රැසක් අත්පත් කරගැනීමට හැකිවන අතර ඒ තුළින් යථාර්තවත් සංවර්ධනයකට ගම අවතීර්ණ වීම, ගම තුළ ළමයින්ගේ සුරක්ෂිතතාවය ඇති කිරීම, කාන්තාවගේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වස අවම කිරීම වැනි අරමුණු රැසක් සඵල කර ගැනීමට හැකි පරිසරයක් ගොඩනැගීම මෙමඟින් අපේක්ෂිතය.

ඒ අනුව 2017 වර්ෂයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 11ක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ ගමක තෝරාගත් පවුල් කිහිපයක් ආර්ථික හා සාමාජීය වශයෙන් බලගැන්වීම අරමුණු කරගනිමිනි. එම කාර්යය තවත් පුඵල් කරමින් 2018 වර්ෂයේ මෙම ව්‍යාපෘතිය අප අමාත්‍යාංශයේ එක් එක් අංශ හරහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලට අයත් ගැටළු සහිත ග්‍රාම නිලධාරි වසම් 50ක් මේ සඳහා තෝරාගෙන ඇත. මෙම ව්‍යාපෘති වඩා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට අරමූණු කෙරෙන අතර, 2018 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පොළොන්නරු දිස්ත්‍රික්කයේ දිඹුලාගල හා මැදිරිගිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය අපේක්ෂා කරයි.

කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් ව්‍යාපෘති ගැන්වීම

2018 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය යටතේ ලියාපදිංචි කාන්තා කාර්ය සංවිධාන සාමාජිකත්වය ඉහළ නැංවිමේ අරමුණ ඇතිව දැනට සාමාජිකත්වය ලබා ඇති සාමාජිකාවන්ගේ ආර්ථික හැකියාව වර්ධනය කිරිම සඳහා ඔවුන් ව්‍යාපෘති ගැන්විම මෙමගින් සිදු කරයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කාන්තා කාර්ය සාමාජිකාවන් 10 දෙනෙකු සදහා රු.200,000.00 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මෙය සාමුහික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිතය.

Posted in Ministry News on Jan 22, 2018