කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය

Ministry of Women & Child Affairs and Social Security

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்ச

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම -2019 “කාන්තාව සහ සංවර්ධනය” පර්යේෂණ සඟරාව සඳහා ලිපි ඉදිරිපත් කිරීම


එක්සත් ජාතීන්ගේ කාන්තා දශකයෙහි එක් සාධනීය ප්‍රතිඵලයක් ලෙසින් 1978 දී ආරම්භ වූ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, මේ වන විට ශ්‍රී ලාංකේය කාන්තා ප්‍රජාව සංවර්ධන ක්‍රියාදාමට අනුකලනය කිරීමේ ජාතික ආයතනය බවට පත්වී ඇත. එහිදී කාන්තාවන් සමාජයීය සහ ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව ජාතික මට්ටමේ සිට බිම් මට්ටම දක්වා කාන්තා සංවර්ධන වැඩසටහන් දියත් කරනු ලබයි. සමස්ත කාන්තා පරපුරෙහි දැනුම හා ආකල්ප ප්‍රවර්ධනය කරමින් ඔවුන් සමාජයීය සහ ආර්ථික වශයෙන් සවිබලගැන්වීම සඳහා වැඩසටහන් සැළසුම් කිරීමේදී සහ දියත් කිරීමේදී කාන්තාවන් සම්බන්ධ පර්යේෂණ සහ අධ්‍යයන සිදු කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට හදුනා ගෙන ඇත.

එසේම එක්සත් ජාතීන්ගේ මෙවර කාන්තා දින තේමාව වන “Think equal, build smart, innovate for change” යන්න, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව නැංවීම සඳහා උපකාරීවන නව්‍ය උත්පාදන මාර්ග සහ ක්‍රමවේදයන් ඉලක්කකරයි. විශේෂයෙන්ම සමාජ ආරක්ෂණ පද්ධති, පොදු සේවාවන්ට ප්‍රවේශවීමට ඇති හැකියාව සහ තිරසාර යටිතල පහසුකම් ලබා ගැනීමට දායක වන නවීන විධි ක්‍රම පිළිබඳව මෙම තේමාව අවධාරණය කරයි. එබැවින් කාන්තාවන් බලගැන්වීම සඳහා මෙතෙක් භාවිතා වූ ක්‍රමවේදයන් වලට අමතරව නව්‍ය උපාය මාර්ග සොයා ගැනීම කෙරෙහි කාන්තාවගේ යහපත සහ සුභසිද්ධිය උදෙසා කැපවී සිටින ආයතන හා ක්‍රියාකාරීන්ට මෙමඟින් බල කරනු ලබයි.

ඒ අනුව ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ මූලික කර්තව්‍ය හොබවන කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය එහි එක් පියවරක් ලෙසින් 2019 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ දායකත්වයෙන් "කාන්තාව සහ සංවර්ධනය” පර්යේෂණ සඟරාව මුද්‍රණය කිරීමට සැළසුම් කර ඇත.ඒ සඳහා කාන්තාව සම්බන්ධයෙන් පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු වල නියැලි ඔබ සැමගේ නිර්මාණ ලබා දෙමින් මෙම ජාතික වගකීම ඉටු කිරීමට ඔබගේ දායකත්වය ලබා දෙන මෙන් ගෞරවයෙන් ආරාධනා කරමි.පහත සපයා ඇති උපදෙස් අනුව සකස් කළ ඔබගේ ලිපි 2019.01.28 වන දිනට පෙර champamaliniupasena@gmail.comසහ kanmwcawb@gmail.com යන විද්‍යුත් ලිපිනයන්ට ලැබෙන්නට සළස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

විමසීම්-

0112156348/0718193585

චම්පා උපසේන අධ්‍යක්ෂ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය

අත් පිටපත පිළියෙළ කිරීමේ උපදෙස්
HARVARD Reference Style Guide

Posted in Highlights, Ministry News on Jan 17, 2019