“ලොව දිනන දරුවෝ” - දැනුවත් කිරීමේ වැඩසටහන
මානව සම්පත අාශ්‍රිතව පවත්නා ගැටළු අවම කර ශ්‍රී ලංකාව ලොව බබළන රාජ්‍යයක් බවට පත් කිරීමේ මූලික වගකීම වර්තමාන ළමා පරපුරට පවත්නා අභියෝගයකි. නමුත් දිනෙන් දින සිදු වන තාක්ෂණික දියුණුවත් සමඟ සංකීර්ණ බවට පත් වී ඇති දරුවන්ගේ ජීවන රටාවන් හා බැඳී තිබෙන විවිධ ගැටළු වන පවුල් ආරවුල්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීම, ළමා කායික හා මානසික හිංසන, ළමා අපයෝජන හා නොසළකා හැරීම් වැනි දෑ හේතුවෙන් වඩා යහපත් හා ගුණාත්මක පෞර්ෂයන්ගෙන් යුත් පුරවැසියන් ලෙස සමාජයට එක් වීම වර්තමාන ළමා පරපුරට විශාල ලෙස ගැටළුකාරී වී තිබේ. එබැවින් මෙම තත්වය වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් සිදු කරනු ලබන යම් මැදිහත් වීමක් ලෙස ළමුන්ගේ චිත්තවේග පාලනය තුළ සාර්ථක පුරවැසියෙකු බිහි කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිස්ත්‍රික්ක මට්ටමින් පාසල් දරුවන් හා දෙමාපියන් උදෙසා පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් කටයුතු සංවිධානය කර ඇත. එහි පළමු පියවර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් 04ක ළමුන් 1000ක ගේ සහ දෙමාපියන් 500ක ගේ සහභාගීත්වයෙන් 2018/10/22 දින මහරගම තරුණ සේවා සභාවේදී පෙ.ව.9.00 සිට මධ්‍යහන 12.00 දක්වා මනෝ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් හසල දැනුමක් හා පළපුරුද්දක් ඇති මහනුවර මහ රෝහලේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතාගේ සම්පත් දායකත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. එමෙන්ම මෙවැනිම වූ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය ආශ්‍රිත පාසල් කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් 2018/10/29 වන දින අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමටද කටයුතු සැලසුම් කර ඇත.