සිඟිති සෙවන දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීම - පානදුර
“ළමාවියේ මල් පිපෙන්නට රන් කිරණ දෙමු සිව් දෙසින්”යන ළමා මිතුරු සංකල්පය යටතේ ලාංකීය දරුවන්ගේ රැකවරණය සහ සංවර්ධනය උදෙසා සුරක්ෂිත දරු පරපුරක් බිහි කරනු පිණිස අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ළමා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මඟින් රුපියල් මිලියන 13.9 ක් වැය කොට පානදුර ප්‍රාදේශීය ලේකම් නිල නිවස පරිශ්‍රයේදී ඉදිකරනු ලැබු සිඟිති සෙවන දිවා සුරැකුම් මධ්‍යස්ථානය 2018.10.10 දින කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යතුමිය අතින් දූ දරුවන්ගේ අයිතියට පවරන ලදි.